සංගාගේ උත්සාහය අපතේ යයි | දිනමිණ

සංගාගේ උත්සාහය අපතේ යයි

හොංකොං හී පැවැති 'හොකොං බ්ලිට්ස්' විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කින්චිට් ෂාගේ නායකත්වයෙන් යුත් හුං හොම් ජගුවර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

ඔවුන් හමුවේ අවසන් මහා තරගයේදී කුමාර් සංගක්කාර මෙහෙයවූ ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජගුවර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 200ක් රැස්කළ අතර ගැලැක්සි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 194ක් පමණි.

ගැලැක්සි පිල ජයග්‍රහණය කරාගෙන යෑමේ උත්සාහයක නිරතවූ නායක සංගක්කාර පන්දු 47කින් වේගවත් ලකුණු 76ක් රැස් කළේ හතරේ පහර 4ක් හා හයේ පහර 7ක් සමගිනි.

මේ තරගාවලියේ තරග 5කට එක්වූ සංගක්කාර පිට පිට රැස්කළ තෙවැනි අර්ධ ශතකය මෙය විය.

ජේම්ස් ෆ්රෑන්ක්ලින් පන්දු 13කින් වේගවත් ලකුණු 31ක් ඉනිමට එක්කළද ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. 

නව අදහස දක්වන්න