Monday, පෙබරවාරි 5, 2018 - 01:00
එංගලන්තයේ හොවර්ස් පුණ්‍ය ආයතනයෙන් මතුගම පන්නිල ප්‍රාථමික විද්‍යාලයට සහ පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ රැසක් තෑගි කර ඇත. කොළඹ හොස්ට් සිංහ සමාජයේ මෙහෙයවීමෙන් මෙම ප්‍රජා සත්කාරය සිදුකරනු ලැබීය.
පන්නිල ප්‍රාථමික විද්‍යාලයේ මාධ්‍ය ඒකකයට අවශ්‍ය පරිගණක, ලැප්ටොප්, ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් මෙහිදි පරිත්‍යාග කළේය. එංගලන්තයේ හොවර්ස් පුණ්‍ය ආයතනයේ සභාපති පෝල් මිහින් මහතා පන්නිල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති තල්ගස්පේ සුමනරංසි හිමියන් වෙත සංකේතාත්මකව උපකරණ පරිත්‍යාග කළහ.
ඡායා සහ සටහන - මීගහතැන්න සමූහ වාර්තාකරු
නව අදහස දක්වන්න