විදුලි ගැටලු සෙවීමට පංච පුද්ගල කමිටුවක් | දිනමිණ

විදුලි ගැටලු සෙවීමට පංච පුද්ගල කමිටුවක්

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, එම කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත බව ය.

එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. විරිතමුල්ල මහතා ය. 

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් විදුලි සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ තාවකාලිකව අවසන් කළහ.

නව අදහස දක්වන්න