ගෙවුණු පැය විසිහතරේ රිය අනතුරු මරණ 7යි | දිනමිණ

ගෙවුණු පැය විසිහතරේ රිය අනතුරු මරණ 7යි

මහින්ද අලුත්ගෙදර

ගෙවී ගිය පැය 24ක කාලයේ විවිධ ප්‍ර දේශයන්හි සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහියංගණය, වඩුක්කෝට්ටේ, ඇල්පිටිය, හුංගම, ගනේමුල්ල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශයන්හි සිදුවූ රිය අනතුරු හේතුවෙන් මොවුන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ අනතුරු හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

මෙම අනතුරුවලින් මහියංගණයේ 53 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු, යාපනය වඩුක්කොඩේ දී සිදුවූ යතුරු පැදි අනතුරකින් 25 හැවිරිදි තරුණයකු, ඇල්පිටිය යක්කටුව මාපලගම මාර්ගයේ සිදු වූ අනතුරකින් අවුරුදු 17 තරුණයකු, මාතර තිස්සමහාරාම මාර්ගයේ දී පාරමාරුවීමට ගිය 84 හැවිරිදි පදිකයෙක්, ගනේමුල්ල කොස්හින්න මාර්ගයේ විහාරස්ථානයක් අසල දී වේගය පාලනය කරගත නොහැකිව බස්රථයක ගැටී අනතුරට පත් යතුරු පැදියක ගමන්ගත් වයස අවුරුදු 18 ක තරුණයන් දෙදෙනෙකු , කොළඹ - මඩකලපුව මහාමාර්ගයේ පාතකඩ ප්‍රදේශයේ දී මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පෙරළීමෙන්‍ 24 වියැති ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙසෙ මියගොස් ඇත.

අනතුරු සියල්ලටම අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ ඒ ප්‍ර දේශයන්හි පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

නව අදහස දක්වන්න