පූර්ව මැතිවරණ පැමිණිලි 23ක් | දිනමිණ

පූර්ව මැතිවරණ පැමිණිලි 23ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා මැතිවරණ පැමිණිලි 23ක් මේ වන විට වාර්තා වි තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ පසුගිය 09 වැනිදා සිට අද පෙරවරු 06 දක්වා කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවයි.

ඊයේ (23) පෙරවරු 06 සිට අද පෙරවරු 06 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් දෙකක් මාතර - තිහගොඩ සහ නොච්චියාගම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

එමෙන්ම ගම්පහ - දොරනගොඩ, හම්බන්තොට, බණ්ඩාරවෙල, යක්කල සහ බිබිල යන ප්‍රදේශවලින් මැතිවරණ පැමිණිලි 05ක් ලැබී ඇති බව ද පොලීසිය පැවසුවේය.

නව අදහස දක්වන්න