රූප­ලා­වණ්‍ය ශිල්පීන්ට සම්මාන උළෙ­ලක් | දිනමිණ

රූප­ලා­වණ්‍ය ශිල්පීන්ට සම්මාන උළෙ­ලක්

රූප­ලා­වණ්‍ය ශිල්පිනී මානෙල් කොටු­වේ­ගොඩ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අතින් සම්මාන ලබ­මින්. ඩ්‍රීම්රොන් සමූහ ව්‍යාපා­රයේ සභා­පති  ආචාර්ය ප්‍රියංක පෙරේරා සහ රූප­ලා­වණ්‍ය ශිල්පි ආචාර්ය ප්‍රේම­සිරි හේවා­ව­සම් මහ­ත්වරු ද මෙහි වෙති.

ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සම්මාන උළෙලක් පසුගිය 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හි දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දීර්ඝ ඉතිහාසයක් පවතින රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහාම වෙන් වූ සම්මාන උළෙලක් පැවැත්වුණේ ප්‍රථම වතාවට වීම මෙහි තිබූ විශේෂත්වයයි.

එහිදී මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් වසර 25 කට අධික කාලයක් තම දායකත්වය සැපයු රූපලාවණ්‍ය ශිල්පීන් 60 දෙනෙක් ඇගයීමට පාත්‍ර විය. වසර ගණනාවක් පුරා ක්ෂේත්‍රය වෙනුවෙන් තම ජීවිතය කැප කළ, ලංකාව පුරා දස දහස් ගණනක් මනාලියන් ලෙස හැඩ ගැන්වූ, සිසු සිසුවියන් දහස් ගණනක් ක්ෂේත්‍රයට දායාද කරන ලද ඔවුන් ප්‍රථම වරට එකම තැනකට එක් කොට මේ අයුරින් අගයන ලද අවස්ථාව ද මෙය වීම සුවිශේෂී කරුණකි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨතමයන් මෙන්ම වර්තමානයේ ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් සියලු දෙනාගේම එකමුතුවෙන් එම උත්සව අවස්ථාව වර්ණ ගැන්විණි.

 

නව අදහස දක්වන්න