හම්බන්තොට සිද්ධියට අත්අඩංගුවට ගත් අයට ඇප | දිනමිණ

හම්බන්තොට සිද්ධියට අත්අඩංගුවට ගත් අයට ඇප

හම්බන්තොට පැවැති විරෝධතාවක දී රාජ්‍ය දේපළ සඳහා හානි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර සිටි සැකකරුවන් 31 දෙනාට අද ඇප නියම කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.

ඒ, ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සැකකරුවන්ගෙන් එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් ඇප මුදා හැර තිබේ.

නව අදහස දක්වන්න