දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ නම වෙනස් කරන්න එපා | දිනමිණ

දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ නම වෙනස් කරන්න එපා

දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ නාමයේ විකෘතියක් මෑතක සිට අපට දක්නට ලැබේ. එය නිවැරැදි කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ලිපිය රාජ්‍ය සේවය පිණිසයි වෙත ඉදිරිපත් කරමි. මේ විද්‍යාලය අවුරුදු 122 කට ආසන්න ඉතිහාසයක් සහිත විද්‍යාලයකි. එය මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සුවිශාල වෙනසක් ඇති කළ මධ්‍ය මහා විද්‍යාල අතරින් එකකි. දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය යනු සාමාන්‍ය ආණ්ඩුවේ පාසලක් නොවේ. එය මේ රටේ බුද්ධි කේන්ද්‍රයේ යුග මෙහෙවරක් සිදු කළ මහා අධ්‍යාපන මධ්‍යස්ථානයකි. එහි ආරම්භය ලෙස සටහන් වනුයේ 1944 /45 දී වැල්ලවත්තේදී ඇලීනියා බාලිකා විද්‍යාල ගොඩනැගිලිවල පස්වරු විද්‍යාලයන් ලෙස ඇරැඹිණි. බාලිකා විද්‍යාල ගොඩනැගිල්ලක බාලක - බාලිකා මිශ්‍ර ශිෂ්‍යයන් සහිතව විද්‍යාල දෙකක් ලෙස පවත්වා ගැනීම අසීරු වී තිබේ. එහදී අප්‍රසිද්ධ බෞද්ධ දානපතිනියක් වු එලීනා රූපසිංහ ජයවර්ධන ආර්යාව සිය පාරම්පරික දේපලක් වු දෙහිවල ඇලන් මාවතේ ( ජාතික සත්ව උද්‍යානය අසල ) පිහිටි අක්කර 18 ක භූමි භාගයක් පරිත්‍යාග කොට තිබේ. පසුව පොල්අතු සෙවිලි කළ ලෑලිවලින් ආවරණය වු බිත්ති සහිතව සිමෙන්ති ඇතිරූ බිමෙන් යුතු තාවකාලික ගොඩනැගිල්ලක 1946 වසරේදී දෙහිවල මධ්‍යමහා විද්‍යාලයේ උපත සිදු වීය. මෙරට සිටි ශ්‍රේෂ්ඨ විද්වතකු වු ආනන්ද කුමාරස්වාමි මැතිදුන් සිහිවීම පිණිස කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ පිහිටි ආනන්ද කුමාරස්වාමි මාවතේ නාමය පසු කලකදී වෙනස් කොට තිබිණි. එය වෙනස් කිරීමට වත්මන් ගරු ජනාධිපතිතුමා කටයුතු කොට තිබිණි. එම අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ අදහස් මා රූපවාහිනියෙන් දැක ගතිමි. ගරු ජනාධිපතිතුමාට අනුව කුමාරස්වාමි මැතිදුන්ගේ නාමය තිබු මාර්ගයේ නාමය වෙනස් කිරීම එම විද්වතාට සිදු කළ නිගරුවක් බව ජනාධිපතිතුමා පවසනු මා දුටිමි. දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ නාමය වෙනස් කිරීමෙන්ද සිදුව ඇත්තේ ඒ හා සමාන ක්‍රියාවකි.

එබැවින් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය ඇස්.ද.ඇස්. ජයසිංහ විද්‍යාලය යනුවෙන් නම් කිරීමෙන් එම විද්‍යාලයේ ඉතිහාසයට යම් කැළලක් ඇති වේ. එය නිවැරැදි කිරීමට ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවායි ප්‍රාර්ථනය කරමි.

ඩී. මහීපාල කටුවාවල
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය

නව අදහස දක්වන්න