මහ වැස්සෙන් රත්නපුරේ පවුල් 212ක් අවතැන් | දිනමිණ

මහ වැස්සෙන් රත්නපුරේ පවුල් 212ක් අවතැන්

රත්නපුර දිසා විශේෂ එන් පී රාජදොරේ

පසුගිය 14 සහ 15 දින දෙකක් තුළ රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂා නිසා ගංවතුර,පසුකඳු නායයාම්, ගංවතුර සහ සුලි සුළං ආපදාවන් නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල්212 ක පුද්ගලයින් 815ක් විපතට පත්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් අතිරේක ලේකම් දයානන්ඳ කොළඹ ගමගේ මහත්ගේ අත්සනින් 15 දා නිකුත් කර ඇති වාර්තාවේ සඳහන්වේ.

නාය යාම්, ගංවතුර සහ සුළි සුළං හේතුවෙන් රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල්75 ක පුද්ගලයින් 280ක්ද, අධික වර්ෂාව සහ ඉවුරු කඩා වැටීම් හා සුළි සුළං හේතුවෙන් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30ක පුද්ගලයින් 118ක්ද, නාය යාමේ අවදානම සහ ගස් කඩා වැටීම් නිසා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පවුල් 80 පුද්ගලයින් 329ක්ද,ගංවතුර සහ සුළං අවදානම නිසා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල 26 පුද්ගලයින් 85ක් සහ අධික වර්ෂාව නිසා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් පවුලක් සහ පුද්ගලයින් 3ක් විපතට පත්ව ඇත.

පවුල් 45ක පුද්ගලයින් 187 දෙනෙකු කඳවුරු ගතකර කර සිටිති.

පවතින අධික වර්සාව නිසා රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ සිවවැනි වරටත් පස් කඳු නායයාම් හටගෙන අතර රත්නපුර කලවාන මාර්ගයේ පිංකන්ඳ වතුයායට අයත් කොටසක් නායයාමෙන් රත්නපුර කලවාන මාර්ගයේ බස් ගමනා ගමනය සම්පුර්ණයෙන් ඇනහිට ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව ඉදිරියටත් පැවතුන හොත් පස්කඳු නායයාම් වැඩි විය හැකි බැවින් අවදානනයෙන් සිටින්නයි රත්නපුර දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක මංජුල මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලලා සිටී. 

නව අදහස දක්වන්න