ජාතික ආහාර සංග්‍රාමය අද ව්‍යවසායකත්ව දිනයයි | දිනමිණ

ජාතික ආහාර සංග්‍රාමය අද ව්‍යවසායකත්ව දිනයයි

එක්ව නැගිටිමු අටුකොටු පුරවමු තේමාව යටතේ පැවැත්වෙන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියේ සිවුවැනි දිනය වන අද (09) ව්‍යවසායකත්ව දිනය ලෙස නම් කර තිබේ. මේ යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ය‍ටතේ බදුල්ල රිදිමාලියද්ද ප්‍රදේශයේදි පොල්පැළ3000 ක් බෙදා හැරිම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. පොල් පැළ වගාව ඇතුළු අනෙකුත් වැවිලි කර්මාන්තය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ඉහළ ආදායම් මාර්ග සහිත ගොවි ජනතාවක් බිහි කිරීම සඳහා රටතුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරිම සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සිවුවැනි දිනය ලෙස ව්‍යවසායක දිනය නම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ‍ජේ.ඒ. රංජිත් මහතා සඳහන් කරයි. ව්‍යවසායකත්ව දිනයේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ප්‍රධාන වැඩසටහන අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර තලවිල දේවස්ථානය ආශ්‍රිත භූමියෙහි ආශිර්වාද පූජාවකින් ආරම්භ කරන වැඩසටහනේදී කාන්තා ව්‍යවසායකයින්ට අඹ පැළ බෙදා දීම සිදු කෙරේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් උදෙසා ව්‍යවසායකත්ව සායනයක් පවත්වන අතර කෘෂිකර්මාන්තවලට අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දීම සිදු කෙරෙන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බි.වික්‍රමආරච්චි මහතා පවසයි.

චමීර ඇල්ලදෙනිය සහ සන්ධ්‍යා කරුණාරත්න 

නව අදහස දක්වන්න