පොලිතීන් තහනම ගැසට්ටුව පිටවෙයි | දිනමිණ

පොලිතීන් තහනම ගැසට්ටුව පිටවෙයි

සුභාෂීණී සේනානායක

පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (1) නිකුත් කෙරිණි. ඒ අනුව මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය හා විකිණීම තහනම් කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්රොටපිලින්,පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්රො, පිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතයද ඉන් තහනම් කර ඇත.

ඉහළ ඝනත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගෙන බෑග් නිෂ්පාදනය, විකිණිම, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය කිරිම හෝ භාවිත කිරිම තහනම් කරමින් ජනපති අත්සනින් තවත් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත. එසේ ගැසට් නිවේදන මගින් ඊයේ සිට පොලිතින් භාවිතය තහනම් කළද ලබන ජනවාරි 1 වැනිදා තෙක් නීතියෙන් දඬුවම් නොකරන බවත් රජය නිවේදනය කර ඇත. 

නව අදහස දක්වන්න