Friday, සැප්තැම්බර් 1, 2017 - 01:00
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරි රථ දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් අට හැවිරිදි ආර්.පී ප්‍රේමසිරි නමැති අයෙකි. හලාවත ප්‍රදේශයේ සිට වෙන්නප්පුව ප්‍රදේශය දක්වා ගමන් ගත් යතුරුපැදිය එම දිශාවට ගමන් ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරුව කොළඹ සිට හලාවත දක්වා ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට සම්බන්ධ ලොරි රථ දෙක හා රියදුරන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නව අදහස දක්වන්න