ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - UPDATE | දිනමිණ

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - UPDATE

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
 
වයඹ පළාතට වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
 
 මීට අමතරව කළුතර, රත්නපුර, කෑගල්ල, බදුල්ල, ත්‍රීකුණාමලය, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් අවිස්සාවේල්ල ප්‍රදේශයටත් තරමක තද වැසි ඇති විය හැකිය.
 
වැසි ඇති වන අවස්ථාවලදී තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි අතර පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තද වැසි නිසා විමසිලිමත් වන්න - UPDATE 

මහනුවර හා නුවරඑළිය ප්‍රදේශයට තද වැසි පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

මහනුවර මෙන්ම නුවරඑළිය අඹගමකෝරලේ හා ඒ අවට ප්‍රදේශයට මෙලෙස තද වැසි වාර්තා වන බව සඳහන්ය.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණ කළේ මේ හේතුවෙන් නායයෑමේ අවධානම් සහිත අදාළ ප්‍රදේශ වල ජනතාවට වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙසයි.

ඔහු පෙන්වාදෙන්නේ මිලිමීටර සියය ඉක්මවූ වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවල ජනතාව වඩාත් සැළකිලිමත් වියයුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය ඇතුළු අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය.

නව අදහස දක්වන්න