ගංවතුර හා නාය යාම්වලින් පාසල් 146ක් හානියට | දිනමිණ

ගංවතුර හා නාය යාම්වලින් පාසල් 146ක් හානියට

සිතාරා සේනානි

ගංවතුර හා නාය යාම් හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල පාසල් 146ක් හානියට පත්ව ඇති බවත්, පාසල් 77ක දැනට අවතැන් කඳවුරු පවත්වා ගෙන යන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට වාර්තාවී ඇති සිසු මරණ සංඛ්‍යාව 45ක් වන අතර, තවත් සිසුන් 8 දෙනකු අතුරුදන්ව ඇත.

සබරගමුව පළාතේ පාසල් 65ක් හානියට පත්ව තිබේ. පාසල් 30ක අවතැන් කඳවුරු පවත්වා ගෙන යයි. එම පළාතේ සිදුව ඇති ශිෂ්‍ය මරණ සංඛ්‍යාව 18කි.

දකුණු පළාතේ පාසල් 12ක අවතැන් කඳවුරු පවතින අතර, පාසල් 17කට හානි සිදුව තිබේ. එහි ශිෂ්‍ය මරණ 10ක් වාර්තාවී ඇති අතර, තවත් 8 දෙනෙක් අතුරුදන්ව ඇත.

බස්නාහිර පළාතේ පාසල් 35ක අවතැන් කඳවුරු පවතී. එහි හානි සිදුවූ පාසල් සංඛ්‍යාව 64කි. එම පළාතේ ශිෂ්‍ය මරණ 17ක් වාර්තාවී තිබේ. 

නව අදහස දක්වන්න