දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීන නිලධාරීන් පිරිසකට චෝදනා | දිනමිණ

දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීන නිලධාරීන් පිරිසකට චෝදනා

 බී. බී. සී

ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් පිරිසකට චීන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් චෝදනා එල්ල කරයි.

දලයි ලාමාට මුදල් ආධාර පිරිනැමීම සහ ඔත්තු සැපයීම මගින් සමහර නිලධාරීන් බෙදුම්වාදය ශක්තිමත් කරන බවත් ඔහු චෝදනා කරයි.

එහෙත් මෙහිදී දලයි ලාමාට මුදල් පරිත්‍යාග කරන නිලධාරීන් නම් නොකිරීමට ඔහු ප්‍රවේසම් වී ඇත.

1959 දී ටිබෙට් දේශයෙන් පලාගිය දලයිලාමා ඉන්දියාවේ ධර්ම ශාලා නගරයේ ආශ්‍රමයක ජීවත් වන අතර ටිබෙට් දේශය චීනයෙන් වෙන් කිරීම සඳහා ක්‍රියා කරන බවට බීජිං පාලනය පවසයි.

එහෙත් දලයි ලාමා පවසන්නේ ටිබෙට්වාසීන්ට අවශ්‍ය වන්නේ පූර්ණ නිදහසක් නොව ප්‍රාදේශීය ස්වයං පාලන බලතල පමණක් බවයි. 

නව අදහස දක්වන්න