ගංජා ජාවාරමේ යෙදුණු සිසුවකු මාතරදී අල්ලයි | දිනමිණ

ගංජා ජාවාරමේ යෙදුණු සිසුවකු මාතරදී අල්ලයි

ඩබ්ලිව්. පී. ධර්මසේන

බෝඩින් කුලිය ගෙවා ගැනීමට රාත්‍රි කාලයේ ගංජා ජාවාරමේ යෙදුණු උසස් පෙළ සිසුවකු ගංජා මිලිග්‍රෑම් 11465ක් සමඟ මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර නගරයේ පාසලක උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර සිසුවා පසුගිය දා අලුයම 1 ට පමණ මාතර කුමාරදාස මාවතේ ප්‍රජාශාලාවක සිටියදි පොලිසිය විසින් පරික්ෂා කිරිමේදි මොහු ළඟ තිබි ගංජා මිලිග්‍රැම් 11465ක් සහ ගංජා විකිණිමෙන් ලබාගත් මුදල් රුපියල් 16700ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සැකකාර සිසුවාට තෙලිජ්ජවිල ප්‍රදේශයේ

අයකු ගංජා සපයන අතර අලුයම් කාලයේ මෙම සිසුවා මෙම ස්ථානයේ රැඳී සිටියේ තවත් ගංජා තොගයක් ලබාගැනීමට විය හැකිබව පොලිසිය සැක පහළ කරයි.

මෙම සිසුවාගේ මව සුනාමියට හසුවී මියයෑමත් සමඟ පියා මෙම දරුවා අතහැර වෙනත් කාන්තාවක් සමඟ දීගකෑමට පටන් ගැනීම නිසා මෙම සිසුවා හදා වඩාගැනීම වයෝවෘද්ධ ආච්චි විසින් සිදුකරඇත. ආච්චිට නිසි ආදායම් මාර්ගයක් නොතිබු බැවින් මෙම සිසුවාට අධ්‍යාපනයට වැයකිරිමට වියදම්කිරිමට හැකියාවක් නැතිවිඇත. මෙම සිසුවා අධ්‍යාපන කටයුතු කරගැනිම සඳහා මාතර ප්‍රදේශයේ නේවාසිකාගාරයක් මසකට රුපියල් 4000 ක මුදලකට ලබාගෙන කැම බිම සහ අනිකුත් වියදම් සොයාගැනිමට ජංගම දුරකථන අලවිකිරිම,වෙළෙද ආයතනවල රෙප් වශයෙන් කටයුත් කිරිම යනාදි රැකියාවන් කරමින් මුදල් සොයාගෙන තිබේ. මෙම අවස්ථාවේ තෙල්ජ්ජවිල මිතුරකු හමුවී වැඩි මුදලක් උපයා ගැනිමට ගංජා ජාවාරමට මෙම සිසුවා යොමු කරගෙන ඇති අතර මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සිසුවා මාතර මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කතිරිමට නියමිතව ඇත. මාතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිල් මහින්ද කල්දේරා මහතාගේ උපදෙස් පරිදි.උ.පො.පා. බලවර්ධන,පො.සැ. විතානගේ, පො.සැ. කරුණාසේන, පො.කො. සිසිර,පො.කො. චමින්ද, පො.කො. රංග, යන නිලධාරිහු මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති. 

නව අදහස දක්වන්න