ගල්කිස්ස වෙළෙඳ සංකීර්ණයේ වහල ගලවලා: වෙළෙඳුන්ට දුෂ්කරතා | දිනමිණ

ගල්කිස්ස වෙළෙඳ සංකීර්ණයේ වහල ගලවලා: වෙළෙඳුන්ට දුෂ්කරතා

 

‍ගල්කිස්ස නගර මධ්‍යයේ පිහිටා ඇති දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා 1982 වර්ෂයේ වෙළෙඳ සහ නාවික කටයුතු අමාත්‍යවරයාව සිටි අවදියේදී ඉදිකරනු ලැබූ ප්‍රධාන වෙළෙඳ සංකීර්ණය සංවර්ධන කටයුත්තකට යයි පවසමින් එහි වහලය මේ වන විට ගලවා මාස 08 ක පමණ කාලයක් ගතවුවද, මේ වන තෙක් කිසිදු සංවර්ධන කටයුත්තක ආරම්භයක් සිදු නොවීම හේතුවෙන් එහි වෙළෙඳුන් දැඩි දුෂ්කරතා රාශියකට මුහුණපා ඇති අතර ඔවුන් පවසන්නේ ඉතා ශක්තිමත්ව පැවති වහලය ගල්කිස්ස නගර සභාවෙන් ගලවා ඉවත් කරනු ලැබූයේ මන්දැයි ඔවුන්ට ප්‍රශ්නයක් බවයි.

බලධාරීන්ගේ වාසිය ගැන පමණක් නොසිතා වෙළෙඳුන්ගේ ජීවනෝපාය කරගෙන යාමට අවශ්‍ය නිසි පියවර ගෙන වෙළෙඳ සංකීර්ණයේ වහල කඩිනමින් යථා තත්ත්වයට පත්කර දෙන ලෙස වෙළෙඳුන් ඉල්ලා සිටීති.

ඡායාරූප - මොහොමඩ් ඉමිටියාස් මැදකොළඹ විශේෂ 

නව අදහස දක්වන්න