මුලතිව් ධීවරයන්ගේ ආදායම පහතට | දිනමිණ

මුලතිව් ධීවරයන්ගේ ආදායම පහතට

මීගමුවෙන් ඇවිත් මත්ස්‍ය අස්වැන්න කොල්ල කන බවට චෝදනා

යුද්ධය නිමාවෙලා සාමය ආවා. ඒක අපිට ලොකු සතුටක්. දැන් වෙඩි සද්ද නෑ මරණ බය නෑ. යුද්ධ යෙන් වගේම සුනාමියත් අපිට බොහෝ දේ අහිමි වුණා. අපි දැන් නිදහසේ අපේ රැකියාවල් කරනවා. ඒත අපිටත් ප්‍රශ්න තියෙනවා යැයි මුලතිව් වන්නන්කුලම ධීවර ගම්මානයේ දාසන් මහතා පැවැසීය.

සුනාමියෙන් මගේ දරුවන් තුන් දෙනයි බිරියයි නැති වුණා. යුද්ධය, සුනාමිය නිසා අද තනි පුද්ගලයන් විදියට බොහෝ දෙනෙක් මේ ප්‍රදේශයේ ජිවත් වෙනවා. තනි පුද්ගයන් හැටියට අපට පොදු වරප්‍රසාද කිසිවක් ලැබෙන්නේ නෑ. අපටත් වයසට යනකොට වැටිල ඉන්න තැනැක්වත් තියෙන්න ඕන. රජයේ වගකිවයුතතන්ගේ අවධානයට මේ කාරණය යොමු වෙනවා නම් අපිටත් හිතට සහනයක්.

යුද්ධයේ නිමාව ඔවුන්ට නිදහසක් සහනයක් ගෙන ආවත් ධීවර රස්සාව කරල ජිවත්වෙන ඔවුන්ට රැකියාව කරගෙන යාමේදී ලැබෙන මත්ස්‍ය ආදායම හොදටම අඩුවී ඇතැයි තවත් ධීවරයෙක් පැවසීය‍. ඔවුන්ගේ ධීවර කලාපයට විශාල වශයෙන් මීගමුවෙන් පැමිණෙන ධීවර බෝට්ටුවල බලපෑම හේතු වී ඇති බවද ඔහු පැවැසීය. පෙරදා පස්වරු හතරට මුහුදට ගිය ඔවුන් පසුදා පෙරවරු නමය පමණ වන විට ගොඩ බිමට ආවත් ඔවුන්ගේ දැලට හසුවී ඇති මාළු ප්‍රමාණය මාළු කිලෝ තුන හතරකට වඩා වැඩි නැතැයි දුටු විට අපටද දැනුනේ කණස්සල්ලකි.

ජයගඟ සමූහ

නිරෝධනී වනසිංහ

නව අදහස දක්වන්න