දක්ෂිණ අධිවේගයේ රිය අනතුරු 2590ක් | දිනමිණ

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරු 2590ක්

ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සන්ධ්‍යා කරුණාරත්න

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දින සිට මේ දක්වා සිදු වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 2590ක් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අසන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් එසේ කී ඇමැතිවරයා එම රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20 දෙනෙකු බවත් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 402ක් බවද පැවසී ය. අධිවේගී මාර්ගවල නිරන්තරයේ අනතුරු සිදුවන ස්ථාන පවතින බවත් එම ස්ථාන හඳුනාගෙන ඇත්දැයි මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ අතර එම ස්ථාන මේ වනවිට හඳුනාගෙන තිබෙන බව කිරිඇල්ල මහතා පිළිතුරු දෙමින් පැවසී ය.

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය ජූනි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බවත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ආයෝජකයකු සොයාගැනීමට නියමිත බවද ඇමැතිවරයා පැවසී ය.

 

නව අදහස දක්වන්න