ඇවන්ගාඩ් හමුදාවට මිලියන 124ක පාඩු සිදු කරලා | දිනමිණ

ඇවන්ගාඩ් හමුදාවට මිලියන 124ක පාඩු සිදු කරලා

කමනි අල්විස්

ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට අයවිය යුතු මුදල සීයට විසිඅටේ සිට සීයට විසිපහ දක්වා පහත හෙළීමෙන් නාවික හමුදාවට සිදු වූ රුපියල් මිලියන එකසිය විසිහතරයි දශම නමයක පාඩුවට වගකිවයුත්තේ එවක ආරක්ෂක අමාත්‍යාංශය සහ එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහත්වරුන්ගේ විමසීම් හමුවේ සාක්කිදෙමින් මෙම අනාවරණය සිදු කළේ හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතාය.

ඇවන්ගාඩ් සමාගම මෙම අඩු කිරීම ඉල්ලා තිබුණේ 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට වුවත් ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයසූරිය මහත්මියගේ අත්සනින් දිනයක් සටහන් ‍වී නොමැතිව ඉදිරිපත් කැර තිබුණ ලිපිය හේතුවෙන් වසර 2012 ඔක්තෝම්බර් මාසයේ සිට අත්සන් බල පැවැත්වෙන පරිදි අඩුකිරී‍ම් සිදුකැර තිබෙන බවත් කොමිසම ඉදිරියේ අනාවරණය විය. 

නව අදහස දක්වන්න