අමෙරිකාවේ රෝහලින් පිටත වන දරු උපත් වැඩිවීමක් | දිනමිණ

අමෙරිකාවේ රෝහලින් පිටත වන දරු උපත් වැඩිවීමක්

අමෙරිකාවේ රෝහලින් පිටතදී සිදු වන දරු උපත් ප්‍රමාණයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව එහිදී අයහපත් ප්‍රතිඵල ඇති වන තත්ත්වයක් වර්ධනය වී ඇති බව ද නිව් ඉන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් හෙළිදරව් කරයි. සාමාන්‍යයෙන් රෝහලක දී සිදුවන දරු උපත් අතරින් දහසකින් දෙදෙනෙක් පමණ මිය යෑමේ අවධානමක් පවතින අතර රෝහලින් පිටත දී සිදුවන දරු උපත්වලදී එය දහසකට හතරක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2012 වසරේදී අමෙරිකානු මව්වරුන් රෝහලින් පිටතදී දරු උපත් සිදු කරන ලද්දේ 1%කටත් වඩා අඩු ප්‍රතිශතයකි. එහෙත් එය වසරින් වසර වර්ධනය වූ අතර එයින් ඇතිවන සංකූලතා ද වර්ධනය විය. උප්පැන්න සහතික වල උපත් ස්ථානය සටහන් වන නමුදු එය රෝහලකද නිවසක ද එසේත් නැතිනම් වෙනත් තැනකද යන්න සටහන් නොවීම පසුකාලීනව සංකූලතා ඇති වීම කෙරෙහි දැඩි ලෙස බලපාන බව මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ. 

ඒ.එෆ්.පී

නව අදහස දක්වන්න