සුප්‍රකට ඩ්‍රම්ස් වාදක ජෝන් බ්‍රෑඩ් මියයයි | දිනමිණ

සුප්‍රකට ඩ්‍රම්ස් වාදක ජෝන් බ්‍රෑඩ් මියයයි

සුප්‍රකට ඩ්‍රම් වාදක ජෝන් බ්‍රෑඩ් (බ්‍රැඩ්බරි) මිය ගිය බව ස්කා සමුහය ට්විටර් පණිවුඩයකින් ප්‍රකාශ කර තිබේ. මිය යන විට 62 වැනි වියේ පසු වූ බ්‍රැඩ් ඩ්‍රම් වාදන ක්ෂේත්‍රයේ විශේෂඥයකු ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ස්කා සමුහයේ ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ “අපගේ ‍ශ්‍රේෂ්ඨ මිතුරාට ආයුබෝවන් කී බව අපගේ සාතිශය සංවේගය සමඟ ප්‍රකාශ කර සිටිමු. ලොව ඩ්‍රම් වාදකයානනි.... අපගේ ආදරණීය බ්‍රෑඩ් සමාදානයේ සැතපේවා!”

බ්‍රැඩ්බරි ද ස්පෙෂල්ස් සමඟ එක්වූයේ 1979 දීය. අනතුරුව ද ස්පෙෂල් අකා සමඟ සාර්ථක ගමනක යෙදුනු අතර ‘නෙල්සන් ‍මැන්ඩෙලා නිදහස් කරනු’ සමඟ ටොප් ටෙන් හි මුලට පැමිණියේය. 2009 වසරේ ඔහු ලොව වටා දැවැන්ත සංගීත සංචාරයක යෙදු‍ෙණ්ය. අනතුරුව ජේ.බී.ඕල්ස්ටාර් කණ්ඩායමට එක්විය‍.කණ්ඩායම් නියෝජිතයෙක් පැවැසූවේ බ්‍රැඩ්බරි එංගලන්‍තයේදී මිය ගිය බවයි.මිය යාමට හේතුව සඳහන් කර නැත. බ්‍රැඩ්ගේ පවුල වෙනුවෙන් ද ඔහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. 1979 දර්ශක වල ඉහළින්ම වැජඹුන බ්‍රැඩ්ගේ ඩ්‍රම් වාදනය පිළිබඳව ලොව පුරා සංගීත ලෝලීන් පසුවන්නේ දැඩි භක්තියකිනි. රෙගේ සහ ස්කා ශෛලියේ ප්‍රමුඛතම ඩ්‍රම් වාදකයා ඔහු බව රසික මතයයි. සංගීත ලෝකයට ඔහුගේ ලැබුන දායකත්වය මින් ඉදිරියට‍ ලබාදීමට සමත් අයකු නැතැයි ඔවුන් පවසයි. සුප්‍රකට බිලී බ්‍රැග් ඔහුගේ අහිමිවීම පිළිබඳව පැවසූවේ “හොඳ සංගීතයට නරක දවසක්” ලෙසිනි.

සංගීත නිෂ්පාදක පෙට් වෝටර්මන් “ඔහු අද්විතීය” යැයි ද ඔහුගේ අහිමිවීම සංගීත ලෝකයට දැරිය නොහැකි පාඩුවක් බව ද පැවසීය. 

නව අදහස දක්වන්න