ජනපති විශේෂ ප්‍රකාශය 09 | දිනමිණ

ජනපති විශේෂ ප්‍රකාශය 09

පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 ජනවාරි 09දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.

ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන ජනවාරි 08දා සවස 2ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බවද ඇමැතිවරයා කීය. 

නව අදහස දක්වන්න