අළු බඳුන එංගලන්තයට ක්ලාක් පිටියට සමුදෙයි | දිනමිණ

අළු බඳුන එංගලන්තයට ක්ලාක් පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියාව සමග ට්‍රෙන්ඩ්බ්‍රිජ් හිදී පැවැති සිවුවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 78ක ජයක් හිමිකරගත් එංගලන්තය තරගයක් ඉතිරිව තිබියදීම අළු බඳුන කුසලානය තමන් සතු කර ගැනීමට සමත්වූයේ තරගාවලිය 3-1ක් ලෙස ජයගනිමිනි. පසුගියවර ඔස්ට්‍රේලියාවේ (2013) පැවැති තරගාවලියේදී එංගලන්තය 5-0කින් තරගාවලිය පරාජය වී තිබිණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 60කට සීමාවූ අතර එංගලන්තය පළමු ඉනිමට ලකුණු 391ක් රැස් කළේය. ලකුණු 331ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ඔස්ට්‍රේලියානුවන්ට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 253ක් පමණි. ක්‍රිස් රොජර්ස් (52), ඩේවිඩ් වෝනර් (64) හා ඇඩම් වෝගස් (51) අර්ධ ශතක වාර්තා කළහ.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම බිඳ දැමූ බෙන් ස්ටෝක්ස් කඩුලු 6ක් දවාගත් අතර මාක් හැසල්වුඩ් කඩුලු 3ක් දවාලීය. තරගයේ වීරයා ලෙස පළමු ඉනිමේදී කඩුලු 8ක් දවාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ් නම් කෙරිණි.

මේ තරගාවලි පරාජයත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය. ඉන්දියාවට එරෙහිව 2004 වසරේ ටෙස්ට් පිටියට පිවිසි 34 හැවිරිදි ක්ලාක් ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කොට ලකුණු 8628ක් රැස්කර‍ගෙන ඇත්තේ ශතක 28ක් හා අර්ධ ශතක 27ක් සමගිනි. ඔහු මෙවර තරගාවලියේදී ඉනිම 8කදී රැස්කර තිබුණේ ලකුණු 117ක් පමණි.

නිමාවූ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින පිටියෙන් සමුගත් ක්ලාක් ජාත්‍යන්තර පිටියට සමුදුන්නද බිග් බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවේ.

නව අදහස දක්වන්න