ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව මෙරටට රැගෙන ආ කේරල ගංජා කිලෝ 16ක් ප්‍රවාහනය කිරීමට යතුරුපැදියක් ලබා දුන් සිලාවතුර පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පොලිස් කොස්තාපල්වරයා පේදුරුතුඩුව පොලිස් වසමේ පිහිටි කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොඩිකාමම් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යතුරුපැදියකින් ගංජා කිලෝ 16ක් ප්‍රවාහනය කිරමින් සිටියදී සැකකරුවකු අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 9 දාය. යතුරුපැදියේ හිමිකාරිත්වය ගැන කරුණු සොයා බැලීමේදී හෙළිව ඇත්තේ එය සිලාවතුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයකුට අයත් එකක් බවයි. ඒ වන විට මෙම පොලිස් කොස්තාපල්වරයා පලාගොස් සිට ඇත. ඒ සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදනයක් පවා ඔහුට එරෙහිව නිකුත් කර තිබී ඇත.
ගයාන් කුමාර වීරසිංහ
නව අදහස දක්වන්න