නවසීලන්ත නව අගමැති දිවුරුම් දෙයි | දිනමිණ

නවසීලන්ත නව අගමැති දිවුරුම් දෙයි

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
 
වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ.
 
නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවය.
 
ක්‍රිස් හිප්කින්ස්, නවසීලන්තයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සිදු කළ ක්‍රියාදාමයන්ට නායකත්වය දුන් ඇමතිවරයෙක් ලෙස කීර්තියක් ගොඩනගා ගෙන සිටි අයෙකි.
 
ඉතා මෑතක දී, හිප්කින්ස් නවසීලන්තයේ අධ්‍යාපන, පොලිසිය සහ රාජ්‍ය සේවය යන භාරදූර අමාත්‍ය ධුර ද දැරීය.
 
“චිපී” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රිස් හිප්කින්ස්, දෙදරු පියෙකි. 
 

නව අදහස දක්වන්න