පුහුණුව අතරතුර හමුදා සෙබළෙක් මිය යයි | දිනමිණ

පුහුණුව අතරතුර හමුදා සෙබළෙක් මිය යයි

 
මාන්කුලම් - කොකාවිල් ප්‍රදේශයේ යුද පුහුණු අභ්‍යාසයක නිරතව සිටි හමුදා සෙබළෙකු එම පුහුණුව සඳහා යොදාගත් යුද ටැංකියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති පුවතක් වාර්තා වෙයි
 
මෙම සෙබළා කොකාවිල් ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව සේවය කර ඇත.
 
අනතුරින් පසු සෙබළා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම, සිරිමාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

නව අදහස දක්වන්න