Diva Fresh යනු සියලුම සමාජ හා ආර්ථික මට්ටම්වල පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණය දිනාගත් රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදනයක් වන අතර, එම නිෂ්පාදනය ප්‍රභේද කිහිපයක් යටතේ ලබා ගත හැකිය. එහි අඩංගු 3-in-1 පර්ෆියුම් මැජික් නිසා ඇඳුම්වලට දිගු කල් පවතින සුවඳක් ලබා දෙන අතර, Fiber Clean තාක්ෂණය හා Optical Brighteners මඟින් ඇඳුම් ඉතා හොඳින් පිරිසිඳු කර, දීප්තිමත් බවක් ලබා දෙයි. එමෙන් ම නැවුම් රෝස, නිල් මානෙල් සහ ලැවෙන්ඩර්, අරලිය, පිච්ච හා සේපාලිකා ආදී වශයෙන් විවිධ සුවඳ වර්ගවලින් ලබා ගත හැකි Diva Fresh රෙදි සෝදන කුඩු නවීන තාක්‍ෂණය භාවිතයෙන්, ඉහළ ම ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව ද සඳහන් කළ යුතු ම ය.
මෑතක දී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Diva Fresh ග්‍රෑම් 700 රෙදි සෝදන කුඩු පැකැට්ටුව, මෙරට ඩිටර්ජන්ට් වෙළෙඳපොළේ පවතින අවම මිල ගණන් නිසා වඩා ජනප්‍රිය මෙන් ම වඩාත් ඉල්ලුමක් සහිත නිෂ්පාදනය බවට පත් වී ඇත. නව, ග්‍රෑම් 700 ඇසුරුම ඇතුළු සමස්ත Diva Fresh නිෂ්පාදන පෙළ වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වී ඇත්තේ ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල නිසා ම ය.
හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කාණ්ඩ කළමනාකාරිනි (Category Manager) අනුෂ්කා සබානායගම් මහත්මිය පැවසුවේ, " Diva Fresh රෙදි සෝදන කුඩු නිෂ්පාදන පෙළ සැම විට ම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට සමීප වෙළඳ සන්නාමය නිරන්තරයෙන් ම පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ වගේ ම අපි පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම මෙන් ම විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා." යනුවෙනි.
නව අදහස දක්වන්න