හක්ක පටස් කෑ අලි පැටවා පිහිට පතා ගේ දොරකඩට ඇවිත් | දිනමිණ

හක්ක පටස් කෑ අලි පැටවා පිහිට පතා ගේ දොරකඩට ඇවිත්

දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැටවකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට 12 දින අලුයම පැමිණ අසරණව වැටි සිටිය දී වනජීවි නිලධාරීන්ට දන්වා ප්‍රතිකාර ලබා දීම සිදුව තිබුණි. මහමැද්දෑව ගම්මානය ආසන්නයෙ සිට ආරම්භ වන තබ්බෝව අභය භුමියෙ සිට පැමිණ සිටි මෙම අලි පැටවා විදුලි අලි වැටෙන් පැන ගම්මානයෙ නිවැසියකුගේ මිදුලකට පැමිණ සිටි බව කියයි.

වයඹ වනජීවි පශු වෛද්‍ය ඒකකයෙ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියේ මෙම අලි පැටවා හක්ක පටස් පිපිරිමකට ලක්ව මුඛ්‍ය තුළ තුවාල සිදුව ඇති බවත් ඒ සමඟ ම සිරුරේ ස්ථාන කිපයකට වෙඩි වැදි තුවාල සිදුවිමේන් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු වීමෙන් අසාධ්‍යව මෙසේ ඇද වැටි සිටි බවයි. අවුරුදු පහක පමණ වයසකින් යුත් මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් යුක්ත බව වනජීවි නිළධාරින් පවසයි.

අසාධ්‍යව සිටි අලි පැටවා පිහිට පතා නිවෙස ඉදිරිපිට මිදුලේ ඇද වැටි විලාප තැබු බව නිවෙස් හිමියා පවසයි. නවගත්තේගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලියු. එම්. සංජීව විරසේකර මහතා පවසා සිටියේ අලි පැටවා බේරා ගැනීම සඳහා මේ වන විට ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ හා

මාරවිල සමුහ

මිහිර විජේසේකර

නව අදහස දක්වන්න