Friday, අගෝස්තු 12, 2022 - 13:00
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ( 12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර බව නාවික හමුදාව පවසයි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහීර් (M Yasir Tahir TI (M)) කටයුතු කරනු ලබයි.
‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇති අතර, නෞකාව අගෝස්තු මස 15 දක්වා දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතය.
‘PNS TAIMUR’ නෞකාව 2022 අගෝස්තු මස මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇත.
නව අදහස දක්වන්න