Tuesday, අගෝස්තු 2, 2022 - 16:00
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද(02) සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා විමර්ශනය අවසන් වනතුරු ජූලි 06 වැනිදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.
ඒ අනුව පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුට එල්ල කරන ලද අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වීමත් සමග ඔහු නැවත එම ධූරයට පත් කර තිබේ.
නව අදහස දක්වන්න