- පලස්තීන සරණාගත කඳවුරටත් හානි
- 10ක් මරුට 100කට වැඩි පිරිසකට තුවාල
පලස්තීනයේ හමාස් සංවිධානයේ කැරැලිකරුවන් ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව පෙරේදා බටහිර ඉවුරේ උතුරු ප්‍රදේශයේ දැවැන්ත ප්‍රහාරයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පලස්තීනුවන් 15,000කට අධික පිරිසක් ජීවත්වන ජෙනින් පළාතේ එරට විශාලතම හා පැරැණිතම සරණාගත කඳවුර ආසන්නයේ සිදු වූ මේ ප්‍රහාරයෙන් සරණාගත කඳවුරට ද හානි සිදු වී ඇති අතර, පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද වාර්තා වේ. තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ජෙනින් සරණාගත කඳවුර ආසන්නයට මෙවැනි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ වසර 20කට පසුව බවත්, ඊශ්‍රායල හමුදා ප්‍රහාරය මධ්‍යයේ සරණාගතයන් දහස් ගණනක් ජීවිතාරක්ෂාව සඳහා කඳවුරෙන් පලා යමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
නව අදහස දක්වන්න