ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3ක ණය අනුමත වීමෙන් වසර 15කට පසු පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළ ඉහළට | දිනමිණ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3ක ණය අනුමත වීමෙන් වසර 15කට පසු පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළ ඉහළට

දැඩි ආර්ථික අර්බුදයට ලක් වූ පාකිස්තානය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මාස අටක් පුරා පැවැති සාකච්ඡා අවසන් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් අනුමත වී ඇතැයි ද, ඒ සමඟම එරට කොටස් වෙළෙඳ පොළ ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමෙන් පසු එරට කොටස් වෙළෙඳ පොළේ KSE -100 දර්ශකය 5.8%ක වර්ධනයක් පෙන්නුම් කළ බවත්, දැඩි ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පා සිටි පාකිස්තානයේ කොටස් වෙළෙඳ පොළ එවැනි අගයකින් ඉහළ ගොස් ඇත්තේ වසර 15කට පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය..

පසුගිය වසර කිහිපය පුරාම ලෝක කොටස් වෙළෙඳපොළේ වඩාත්ම බංකලොත් කොටස් වෙළෙඳ පොළ ලෙස පැවැති පාකිස්තාන කොටස් වෙළෙඳ පොළ මෙවැනි අගයකින් ඉහළ ගියද, එරට ආර්ථිකය තවමත් අනාරක්ෂිත බව ද වාර්තා වේ. පසුගිය 1 වැනිදායින් ආරම්භ වූ පාකිස්තානයේ මූල්‍ය වර්ෂය එරට ආර්ථිකයේ අභියෝගාත්මක වසරක් වනු ඇතැයි ද වාර්තා වේ.

ලබන 2024 වසරේ ජූනි මාසය වන විට පාකිස්තානයේ විදේශ ණය සංචිතය වන අමෙරිකානු ඩොලර් බිලියන 23ක් ගෙවා අවසන් කළ යුතුව ඇතැයි ද, එය වර්තමානයේ පාකිස්තානය සතු විදේශ සංචිතය මෙන් 6 ගුණයක ප්‍රමාණයක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නව අදහස දක්වන්න