Wednesday, ජූලි 5, 2023 - 12:24
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (05) උදෑසන බාධා එල්ලවී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වු අංක 1520 දරණ දුම්රිය මෙසේ පීළි පැනීමකට ලක් ඇති බවත්, ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයට ගස්, දුරකතන කණු හා පස් කඳු කඩා වැටීම් ද වාර්තා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
දුම්රියේ එංජිම සහිත කොටස මෙසේ පීලි පැනීමට ලක් ව ඇති බවත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය පීලි ගත කිරීමට බාධා එල්ල වී ඇතැයි දුම්රිය සේවකයෝ පවසති.
පවතින දුෂ්කරතා මැද්දේ දුම්රිය සේවකයන් දුම්රිය පීලී ගත කිරීමේකටයුතුවල නිරතව සිටින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
කොළඹ කොටුව සිට නානුඔය බලා අද (05) දහවල් 12.40ට ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
නව අදහස දක්වන්න