අමතර කොටස් අලෙවිසලේ සේවකයා කඩේ බඩුම උස්සලා | දිනමිණ

අමතර කොටස් අලෙවිසලේ සේවකයා කඩේ බඩුම උස්සලා

පාදුක්ක පොලිස් වසමේ තුන්නාන ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානයක සේවකයෙකු ලෙස සේවය කරමින් සිටියදී, එහි රුපියල් එක් ලක්ෂ හතළිස් දාහක් (1,40,000) පමණ වටිනා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු එම සේවා ස්ථානය තුළ දීම අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මෙම ආයතනයේ සේවය කරමින් සිටියදී ආයතනය තුළ තිබූ තණකොළ කපන මැෂින් 02ක්, චේන් ෂෝ යන්ත්‍ර 01ක්, නයිලෝන් කඹ 02ක්, සහ රුපියල් 25000ක් පමණ වටිනා වයර් රෝල් දෙකක් සොරකම් කර, එම භාණ්ඩ ඔහුගේ නි‍ෙවසට වාහනයකින් යවා, කිසිවෙකුටත් සැක නොසිතනසේ එම ආයතනයේම සේවය කරමින් සිටියදී ලද පැමිණිල්ලක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

නව අදහස දක්වන්න