ලොරියකින් කිරි බෝතල් තොගයක් සොරාගත් සැකකරුවෝ දැලේ | දිනමිණ

ලොරියකින් කිරි බෝතල් තොගයක් සොරාගත් සැකකරුවෝ දැලේ

නුගේගොඩ, දෙල්කඳ හන්දියේ වෙ‍ෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරියකින් එක් ලක්ෂ අසූ දහසක් වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එලෙස සොයාගත් කිරි බෝතල් තොගයෙන් බෝතල් 12ක් සහ සොරකමට යොදාගත් ලියාපදිංචි අංකය වෙනස් කරන ලද තිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

කළු පාට ස්ටිකර් අලවා ත්‍රිරෝද රථයේ ලියාපදිංචිය අංකය වෙනස් කර තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් 30 දහවල් කාලයේදී කිරි බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා රියදුරු සහ සහයක වෙ‍ෙළඳසැලට ගිය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයෙන් ලොරි රථය අසලට පැමිණ ලොරියේ දොර හොර රහසේ විවෘත කර කිරි බෝතල් තොගයක් සොරා ගෙන ගොස් තිබිණි.

ඒ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී එම ත්‍රිරෝද රථය හඳුනාගෙන වැල්ලම්පිටිය කළු පාලම අසලදී සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සොරා ගත් කිරි බෝතල් තොගයෙන් 12ක් එක් සැකකරුවෙකුගේ වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ නි‍ෙවස තුළ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

බණ්ඩාරගම - බිමල් ජයසිංහ
නුගේගොඩ සමූහ - සමීර අබේසිංහ

නව අදහස දක්වන්න