පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි | දිනමිණ

පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇත. 
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනා පෙත්සමේ විභාගයට පෙනී සිටිම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබේ.
 
මෙම චෝදනාවලට අදාළව ජුජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය. එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
 
එම පෙත්සම අද(04) විභාගයට ගැනීමට නියමිතය. 
 
පුජිත් ජයසුන්දර මහතාට අමතරට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය දා තීරණය කළේය.
 
එම නියෝගය බලරහිත කරන ලෙස නීතිපතිවරයා අභියචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

නව අදහස දක්වන්න