DFCC බැංකුව තම තිරසර සංවර්ධන ක්‍රමෝපායන් සාර්ථක ලෙස ක්‍රියාවේ යෙදවීම වෙනුවෙන් පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2023’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka) විසින් මෙම සම්මාන උළෙල පසුගියදා සංවිධානය කරන ලදි. DFCC බැංකුවේ ප්‍රථම නිල තිරසාරත්ව ප්‍රතිපත්තිය, ක්‍රමෝපාය හා සැලසුම් මාලාව 2020 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද අතර, ඒ ඉදිරි වසර 10ක කාලසීමාව වෙනුවෙනි. මේ යටතේ, 2030 වසර වන විට මෙරට තිරසාරත්වය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙන බැංකුව බවට පත්වීමට DFCC බැංකුව උත්සාහ කරයි. ඒ, තිරසර ආර්ථික වර්ධනයකට ඉඩකඩ පවතින ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, යහපත් සමාජ හා පාරිසරික බලපෑම් ඇති කිරීම සහ තිරසර සේවා ස්ථාන සහ ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම යනු අරමුණු පෙරදැරිවය.
DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා පැවසුවේ, මෙම සම්මාන හිමි වීම යනු, තිරසර සංවර්ධන ප්‍රවර්ධන ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක් බවයි. එමෙන්ම බැංකුවේ තිරසාරත්ව උත්සාහයන් මෙලෙස ඇගැයීමට ලක්කිරීම සම්බන්ධයෙන් තම ස්තූතිය පළකළ ඒ මහතා, ඉදිරියේදී තවත් සන්ධිස්ථාන රාශියක් පසුකිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වන බවද පැවසීය.
නව අදහස දක්වන්න