Friday, ජුනි 2, 2023 - 15:42
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කරනු ලබන ‘‘2022 වසරේ ජනාධිපති ප්‍රදානය දිනාගත් බාලදක්ෂ බාලක බාලිකාවන්හට සහතික පත් ප්‍රදානය කිරීමේ උළෙල අද (02) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඒ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්, එෆ්.එස් මුහීඩ් මහත්වරුන් සහභාගි වූහ.
බාලදක්ෂයකුට දිනාගත හැකි ඉහළම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය 2022 වසරේ දී සියලු බාලදක්ෂ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් බාලදක්ෂ බාලික බාලිකාවන් 745 දිනාගෙන සිටිති.

නව අදහස දක්වන්න