රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් වූ අපහාසයට වන්දි ඉල්ලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 2023 අප්‍රේල් 25 දින සවස පැවති ‘නවය: සැඟවුණු කතාව’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සව අවස්ථාවේදී එම ග්‍රන්ථයේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද කතාව අතරතුර සහ එම ග්‍රන්ථයේ අන්තර්ගතයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට සහාය දැක්වූයේයැයි ප්‍රකාශ කරමින් එල්ල කළ අසත්‍ය හා පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් වූ අපහාසයට වන්දි ඉල්ලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කර ඇත.
‘නවය: සැඟවුණු කතාව’ ග්‍රන්ථය මඟින් මෙන්ම ඊට පසුව පෞද්ගලික නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී සහ තවත් අවස්ථා රැසකදීද මන්ත්‍රීවරයා මේ ආකාරයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත චෝදනා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉලක්ක කරගනිමින් සිදු කර තිබෙන බවද එම එන්තරවාසිය මඟින් පෙන්නුම් කර තිබේ.
තමා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ එන්තරවාසි ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පුරා වසර 40කට ආසන්න කාලයක් මාතෘභූමිය හා ජාතිය වෙනුවෙන් සිදු කළ නොකැළැල් මෙහෙවර මඟින් දේශීය හා විදේශීය වශයෙන් කැප වීමෙන් ළඟා කරගත් ගෞරවය සහ කීර්තිනාමයට මේ ප්‍රකාශ මඟින් විශාල කැළලක් සිදු වී තිබෙන බවද එමඟින් පෙන්වා දී ඇති අතර, මන්ත්‍රීවරයාගේ දේශපාලන න්‍යායන් මුදුන් පමුණුවාගැනීම සදහා මේ අසත්‍ය චෝදනා හිතාමතාම නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දී තිබේ.
නව අදහස දක්වන්න