මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය
අම්මට ලියුමක් ලියා සිය නිල නිවසේ දී ගෙල වැලලාගෙන මිය යයි
පුතාගේ පළමු දරුවා මිය ගියා. ඔහුගේ බිරිය අසනීපව මාස හතරක සිට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. කම්පනය නිසා ඇයට කතා කිරීමට නොහැකියි. මරණ පරීක්ෂණයේදි සාක්ෂි දෙමින් මව කියයි
මම ඉපදිලා තියෙන්නේ දුක් විඳින්න විතරයි, මට තවත් දරාගන්න බැහැ, අම්මේ මට සමාවෙන්න කියමින් මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා අම්මට ලියුමක් ලියා තබා 31 වැනි දා උදාසන මීගමුවේ පිහිටි සිය නිල නිවසේ දී ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.
එම මරණය පිළිබඳ මරණ පරීක්ෂණය මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ දී මෙදින සිදු කරන ලදී. මිය ගිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මවට ලියන ලද ලිපියේ මෙසේද සඳහන් විය අනේ, අම්මේ මට සමාවෙන්න ජානක අයියට ඔක්කොම කිව්වා මේ දුක් සියල්ල ම මට දරාගන්න බැහැ මම ඉපදිලා තියෙන්නේ දුක් විඳින්ට විතරයි, මට එම දුක් තවත් දරාගෙන ඉන්න බැහැ, ජානක අයියා කොහොමහරි ඔයාලව බලාගනීවි නංගිට කියන්න මට අනේක වාරයක් සමා වෙන්න කියලා, මම වෙන මොනවද කියන්නේ අම්මේ මරණ පරීක්ෂණයේදී මියගිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ මව වන බුලුගහපිටිය ඇහැලියගොඩ පදිංචි සිංගප්පුලිගේ සෝමලතා මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
මියගොස් ඇති අයේෂ් පෙරේරා මගේ පුතා, පුතා විවාහකයි පුතාට දරුවන් නැහැ පළමු දරුවා මිය ගියා ඔහුගේ බිරිය අසනීපව මාස හතරක සිට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා, ඇයට කතා කිරීමට නොහැකියි පුතාගේ රැකියාව මීගමුව ප්‍රාදේශීය ලේකම් ඔහු සිගරැට් අරක්කු බොන්නෙ නැහැ අසනීප කිසිවක් තිබුණේ නෑ, බබා මිය ගිය නිසාත් බිරිය අසනීප නිසාත් පුතා නිතරම සොවින් සිටියා අවසන් වරට සති 2ට පෙර මාව බලන්න පුතා මාක විට ගෙදරට ඇවිත් ගියා දැනට එම නිවසේ කිසිවෙකු නැහැ 2023/05/30 සිට මට මීගමුව නිල නිවාසයට එන්ඩ කිව්වා, 31 වෙනිදා උදේ 7ට පමණ පුතා කතා කර එනවද කියා ඇසුවා, තනියම එන්න එපා මල්ලිත් සමග එන්ඩ කිව්වා මම මීගමුවට ආවා නංගිලගෙ අය මාව මීගමු රෝහලට ගෙන ගියා ඊට පස්සේ දැනගත්තා පුතා ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි කියලා, මම පුතාගේ මෘතදේහය හඳුනා ගත්තා මට මෙම මරණය ගැන සැකයක් නෑ කීමට ඇත්තේ එපමණයි.
මීගමුව රෝහලේදි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එම වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් ගෙල වැලලා ගන සිදු කර ගත් සිය පණ නසා ගැනීමක් බව එම වාර්තාවේ සඳහන් කර තිබුණි. මීගමුව පොලිසිය විසින් සාක්ෂි මෙහෙ වන ලදී.
ඩී මිහිඳුකුල කොච්චිකඩේ
නව අදහස දක්වන්න