නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් අභියෝගතා තරගාවලියේදී බංග්ලාදේශය වට 3-0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.
තරගාවලියේ මූලික වටයේදී තෙවැනි ස්ථානයට පත් වීම හේතුවෙන් 5-8 ස්ථාන වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකා පිලට සිදු වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ ජය වාර්තා කළහ.
තරගයේ පළමු වටයට 25/16ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි වටය ජය ගත්තේ 25/15ක් ලෙසිනි. ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා පිල තෙවැනි වටයේදී 25/7ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූහ.
මේ සමඟ ශ්‍රී ලංකා පිලට 5-6 ස්ථාන වෙනුවෙන් තරග කිරීමට අවස්ථාව හිමි වූ අතර, එම තරගය 5-8 වටයේදී මාලදිවයින පරාජය කළ කිරිගිස්තානය සමඟින් හෙට (27) පැවැත්වේ.
තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී මාලදිවයින 3-0කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකාවෝ 5-8 ස්ථාන සඳහා තරග වටයට එක් වූහ. එම තරගයේ පළමු වටය 25/18ක් ලෙස පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා පිල 25/13ක් ලෙස දෙවැනි වටය ජයගත් අතර, තෙවැනි වටය ලකුණු 26/24ක් ලෙස නිමා කර ගත්තේය.
මූලික වටයේ පළමු තරගයේදී උස්බෙකිස්තානය හමුවේ 3-0කින් පරාජය වූ ශ්‍රී ලංකාව දෙවැනි තරගයේදී කසකස්තානය හමුවේ 3-1ක් ලෙස පරාජය විය.
නව අදහස දක්වන්න