සික් ජාතිකයන්ගේ දේශපාලන මතවාදය වන කලිස්තානයට හිතවාදී ක්‍රියාකාරකම් ලොව පුරා වර්ධනය වෙමින් පවතින අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ කුඩා කණ්ඩායම් කලිස්තාන ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් සිටින බව නීතිය හා සමාජ සන්ධානය සඳහා වන සංවිධානයක් විසින් නිකුත් කර ඇති වාර්තාවකින් අනාවරණය වී ඇත. පාකිස්තානයේ ආධාර සහ අරමුදල් යටතේ එම අන්තවාදී කුඩා කණ්ඩායම් කලිස්තාන ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරමින් සිටින බවත් එම වාර්තාවෙන් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
සික් ජාතිකයන් සඳහා වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින එම කණ්ඩායම් බටහිර රටවල, විශේෂයෙන් බ්‍රිතාන්‍ය තුළ ලබා දී ඇති නිදහස අයුතු ලෙස භාවිත කරමින් වෛරය හා අන්තවාදය වපුරමින් සිටින බවත්, සික් ජාතිකයන් ප්‍රචණ්ඩත්වය කරා යොමු කරවීමට නොයෙකුත් ක්‍රම භාවිත කරන බවත් වැඩිදුරටත් සඳහන් වේ. එහෙත් විදේශගතවී සිටින බහුතර සික් ජාතිකයන් එම මතවාදය ප්‍රතික්ෂේප කරන අතර, ඒ සඳහා කිසිදු සහයක් නොදක්වන බව ද එම වාර්තාවේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නව අදහස දක්වන්න