ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා චීන රජය නව ආරක්ෂිත ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන සමාජයේ සෑම අංශයක්ම නියාමනය වන ආකාරයෙන් සකස් කර ඇති නව ආරක්ෂිත ක්‍රමවේදය එරට රජයේ සහ සිවිල් සමාජයේ ආරක්ෂක හිඩැස් පියවීමේ අරමුණ ඇතිව සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
චීනයට නව ජාතික ආරක්ෂක රටාවක් ගොඩ නැඟීම වර්තමානයේ සහ අනාගතයේ ජාතික ආරක්ෂාවේ ප්‍රධානතම කාර්යය බව එරට රාජ්‍ය ආරක්ෂක ඇමැති චෙං යික්ෂින් ප්‍රකාශ කර ඇති අතර, පාරිසරික, ආහාර සුරක්ෂිතාව, ආර්ථික හා මූල්‍ය සුරක්ෂිතභාවය, සමාජ ස්ථාවරත්වය සහ සම්ප්‍රදායික නොවන ආකාරයේ ආරක්ෂක වැඩ පිළිවෙළ වශයෙන් සියලු ක්ෂේත්‍ර තුළ විහිදෙන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේදය සකස්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නව ආරක්ෂිත ක්‍රමවේදය එරට අධ්‍යාපනික හා පර්යේෂණ ආයතනවල පවා අනුගමනය කිරීමට පියවර ගෙන ඇති අතර, දත්ත නියාමනය කිරීම හා චීන හමුදා ආයතන සහ අනෙකුත් ජාතික ආරක්ෂක ආයතන ඊට ඇතුළත් බව වාර්තා වේ.
නව අදහස දක්වන්න