අමෙරිකානු හමුදාව පිලිපීනයට ගොඩබසී | දිනමිණ

අමෙරිකානු හමුදාව පිලිපීනයට ගොඩබසී

අමෙරිකා හමුදා කඳවුරු හතරක් ස්ථාපිත කිරීමට පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිලිපීන ජනාධිපතිවරයාගේ පසුගිය අමෙරිකානු සංචාරය අතරතුර කළ ඉල්ලීමකට අනුව අමෙරිකාව එකඟතාව පළ කර ඇති අතර, ඉදිරියේදී එම හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

දකුණු චීන මුහුදේ සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සිදුවෙමින් පවතින චීන ආක්‍රමණය සම්බන්ධව වැඩි අවධානය යොමු කරමින් මේ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. යෝජිත අමෙරිකානු හමුදා කඳවුරු දකුණු චීන මුහුදට මුහුණලා ඇති පළාතක ඉදි කෙරෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම කඳවුරුවල අමෙරිකානු හමුදාවට දින නියමයකින් තොරව රැඳී සිටීමට අවසර දීමට ද පිලිපීන රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. අමෙරිකානු හමුදාවට පිලිපීනයේ කඳවුරු බැඳීමට අවසර දී ඇත්තේ පසුගිය කාලයේදී චීන යුද නෞකා රැසක් පිලිපීනය ආශ්‍රිත මුහුදේ යුද අභ්‍යාස පැවැත්වීම හේතුවෙන් බව ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න