රුසියාව මෙල්ල කිරීමේ සැලසුම් සොයන G7 සමුළුව හිරෝෂිමාවේදී ඇරැඹේ | දිනමිණ

රුසියාව මෙල්ල කිරීමේ සැලසුම් සොයන G7 සමුළුව හිරෝෂිමාවේදී ඇරැඹේ

ලොව බලවත්ම රටවල් හතක එකතුවක් වන G7 නායකයන්ගේ වාර්ෂික රැස්වීම ජපානයේ හිරෝෂිමා නුවරදී ආරම්භ වූ බව වාර්තා වේ. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය සහ සත්කාරක ජපානය ඇතුළත් G7 කෙරෙහි සියලු රටවල අවධානය යොමු වී ඇත්තේ රුසියාවට එරෙහිව නව සම්බාධකවලට එම සමුළුවේ වැඩි උනන්දුවකින් යුතුව සාකච්ඡා කිරීමට නියමිත බැවිනි. එම රටවල් එකතුවට ඇතුළත් නොවුව ද, යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිටද ආරාධනා කර ඇති අතර, ඔහු හෙට සමුළුවට සහභාගි වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

යුක්‍රේන ආක්‍රමණය ගැන ඊයේ එම සමුළුවේ සමාරම්භක අවස්ථාවේදීම සාකච්ඡාවට ලක්වීමෙන් මෙවර G7 සමුළුවේ වැඩි ඉඩක් වෙන් වන්නේ රුසියාවට එරෙහි කටයුතුවලට බව ලෝක දේශපාලන විශ්ලේෂකයෝ පවසති. රුසියානු ජනාධිපති පිළිබඳව ව්ලැදිමිර් පුටින්ගේ ද විශාල අවධානයක් යොමු වී ඇති මෙවර G7 සමුළුව සැබැවින්ම සැලසුම් කර ඇත්තේ යුක්‍රේනයට සහාය පළ කිරීමට බව ද වාර්තා වේ. සම්බාධක මඟ හරිමින් සිය රටෙහි ආර්ථිකය ඉහළ දැමීමට රුසියාව මේ වනවිට භාවිත කරන විවිධ උපායමාර්ගික ක්‍රමවේද සම්බන්ධයෙන් ද එහිදී වැඩි කතාබහට ලක් වනු ඇතැයි වාර්තා වේ.

නව අදහස දක්වන්න