තාක්ෂණය මේ වන විට අපගේ එදිනෙදා ජීවිත සවිබල ගන්වන බලවේගයක් බවට පත් වී ඇත. වර්තමානයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිට වෘත්තිකයන් දක්වා බොහෝදෙනෙක් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා විවිධ ජීවනෝපාය මාර්ගයන්හි නිරත වීමට උනන්දුවක් දක්වති.
ඒ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇති අය පවසන්නෙ මෙසේයි.
රිස්වි මොහොමඩ්ගේ පදිංචිය දෙමටගොඩ ප්‍රදේශයේය. ඔහු තම බිරිඳ සහ 19 හැවිරිදි පුත්‍රයා සමඟ ජීවත් වෙයි. Uber සමඟ සම්බන්ධ වූ දිනයේ සිට වසර 3ක කාලයක් තුළ ඔහු සිය යතුරුපැදියෙන් ගමන් වාර 6,350කට වැඩි ගණනක් සම්පූර්ණ කර තිබේ. Uber යනු ජාත්‍යන්තර කීර්තියක් සහිත සන්නාමයක් වීම සහ Uber සේවාව ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි වීම තම සාර්ථකත්වයේ පදනම බව ඔහුගේ විශ්වාසයයි.
සම්පත් සිය බිරිඳ සහ අට හැවිරිදි පුතු සමඟ හංවැල්ල ප්‍රදේශයේ ජීවත් වෙයි. Uber සමඟ සම්බන්ධ වීමට පෙර ඔහු වසර 10 කට වැඩි කාලයක් කුරියර් සේවාවක ධාවකයෙකු ලෙස සේවය කර තිබිණි. මාස 5 කට අඩු කාලයක් තුළ Uber හරහා ගමන් වාර 737 ක් සම්පූර්ණ කිරීමට ඔහු සමත් විය. මුලින්ම Uber හා සම්බන්ධ වන විට ඔහු Uber පිළිබඳ වැඩිදුර තොරතුරු දැන නොසිටි අතර, ඔහුට අවශ්‍ය වී තිබුණේ එය කෙබඳු අත්දැකීමක්ද යන්න දැන ගැනීම පමණි.
Uber සමඟ සම්බන්ධ වීම ඉතාමත් පහසු බව පෙන්වා දෙන සම්පත් පවසන්නේ ළඟදීම පූර්ණකාලීන Uber ධාවකයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
කපිල හේරත්ට අවශ්‍ය වූයේ තමන්ට පහසු පරිදි යෙදිය හැකි සහ ප්‍රමාණවත් අමතර ආදායමක් උපයාගත හැකි රැකියාවකි.
මේ වන විට ගමන් වාර 3,500 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති ඔහු පවසන්නේ Uber සමඟ කටයුතු කිරීම ඉතාමත් පහසු බවයි. “Uber වෙනුවෙන් ධාවනයේ යෙදීම මට ආර්ථික වශයෙන් ඉතාම වාසිදායකයි. එමෙන්ම Uber වෙතින් අපට හොඳ සහයෝගයක් ලැබෙනවා.
නව අදහස දක්වන්න