ඩැන්ඩෙක්ස් Head & Hair 2-in-1 නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට | දිනමිණ

ඩැන්ඩෙක්ස් Head & Hair 2-in-1 නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශ්වයට ගැළපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දෙමින් ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි. හිසකෙස් රැකවරණය පිළිබඳ වසර 30ක විශේෂඥ දැනුමෙන් පරිපූර්ණ ඩැන්ඩෙක්ස්හි,නව ඩැන්ඩෙක්ස් Head & Hair වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ 2 in 1 නිෂ්පාදනයක් ලෙසයි. එනම් එය ඉස්සොරිවලට එරෙහිව සටන් කරන අතරම, නීරෝගි හිස්කබලක් සහ සිනිඳු, සුමුදු කෙස් කළඹක් ලබා දෙයි.

ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture, Strong & Nourish සහ Healthy & Fresh යන අද්විතීය ෂැම්පු ප්‍රභේද 03කින් සමන්විතයි. මෙම සෑම ප්‍රභේදයක්ම හිස්කබල සහ හිසකෙස් පෝෂණය, මොයිස්චරයිසින් සහ පිරිසිදු කිරීම සඳහා සකස් කර ඇති අතර පාරිභෝගිකයාගේ ජීවන රටාව මත පදනම්ව මතු වී ඇති විවිධ පාරිභෝගික අවශ්‍යතා රැසකට විසඳුම් සපයයි. ඩැන්ඩෙක්ස් මූලික ප්‍රභේදයේ මෙන්ම ඩැන්ඩෙක්ස් - Head & Hair හි සෑම ප්‍රභේදයකම Climbazole අඩංගු වන නිසා Malassezia ඇති කරන ඉස්සොරි තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරන බව සායනිකව සහතික කර ඇත. එසේම මෙම සෑම ප්‍රභේදයකම Provitamin B5 සහ ස්වභාවික සාරයන්ද අඩංගු වෙයි.

 

නව අදහස දක්වන්න