ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති සමාගමක් වන Anka EnergyX, අති නවීන හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන්හි ගෝලීය ප්‍රමුඛයා වන Harnyss USA සමඟ එක්ව රට තුළ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) සඳහා ස්මාර්ට් ජාල හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන යටතේ හයිඩ්‍රජන් බලශක්ති ප්‍රභවය සහ ස්මාර්ට් ජාල පිළිබඳ දැනුම බෙදා ගැනීමේ සම්මන්ත්‍රණය ”The Power of Hydrogen” සහ පළමු විවෘත සාකච්ඡාව පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී Anka EnergyX ආයතනයේ සත්කාරකත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුල දැනටමත් විශාල වශයෙන් ආයෝජනය කර ඇති සූර්ය, ජල හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සමඟ හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීම සහ ස්මාර්ට් ජාල තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ හා සම්බන්ධ සංවාද ප්‍රවර්ධනය කිරීම මෙම සම්මන්ත්‍රණයෙහි අරමුණයි.
මෙම අවස්ථාව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ බලධාරීන්, ප්‍රධාන විධායක නිලධාරීවරුන්, බලශක්ති සමාගම් අධ්‍යක්ෂවරුන්, ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ඉංජිනේරුවන් ඇතුළු පාර්ශවකරුවන් රැසක් සහභාගීත්වයේන් පැවැත්වීය.
නව අදහස දක්වන්න