INSEE Ecocycle වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා දරන උත්සාහයට දශක දෙකක් සම්පූර්ණ වී ඇත. මෙරට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle මේ දක්වා මෙරට ප්‍රධාන පෙළේ සමාගම්, රජයේ සහ පළාත් පාලන ආයතන සහ ප්‍රතිචක්‍රීකරණ සමාගම් වැනි සේවාදායකයන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් කළමනාකරණය කර ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියනයකට අධික ය.
“සිමෙන්ති උදුන් සහ සැකසුම් (Cement kiln co-processing) ක්‍රමවේදය යනු විවිධාකාර වූ අනතුරුදායක සහ අනතුරුදායක නොවන අපද්‍රව්‍ය සුරක්ෂිතව බැහැර කිරීම සඳහා ලොව පුරා භාවිතා වන ක්‍රමවේදයක්. එමෙන්ම එය අපගේ තිරසාර අභිප්‍රයන්ගේ අනිවාර්ය අංගයක්ද වනවා. මේ හරහා, අප නො-ඉඳුල් අමුද්‍රව්‍ය මත යැපීම අවම කරගෙන ඇති අතර, අනෙකුත් කර්මාන්තවල ඛනිජ සංරචක භාවිතා කිරීමෙන් අපගේ කාබන් පියසටහන අවම කරගැනීමටත් අපට හැකි වී තිබෙනවා. එමෙන්ම මෙමගින් සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් නිෂ්පාදිත බලශක්තිය භාවිතා කිරීම 40% කින් පමණ අඩු කිරීමටත් අපට හැකි වුණා. මේ ඔස්සේ රටේ පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමටත් අප සමත් වී තිබෙනවා.” INSEE Cement Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා පැවසී ය.
“පසුගිය කාලය තුළ INSEE Ecocycle අත්කරගත් ප්‍රධානතම ජයග්‍රහණයක් වන්නේ, නගර සභා මට්ටමින් එක්රැස් වන, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි සහ දිරා නොයන වර්ගීකරණය කරන ලද නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් සමග හවුල්කාරීත්වයන්ට එළඹීමට හැකියාව ලැබීමයි. මේ ප්‍රාදේශීය සභාවන්ගෙන් මසකට අප වෙත ලැබෙන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,000 කට අධිකයි. එම අපද්‍රව්‍ය INSEE සිමෙන්ති උදුන් සහසැකසුම් ක්‍රියාවලිය සඳහා යොමුකරනු ලබනවා. එසේ නොවුණා නම් මෙම අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනු ලැබීමට ඉඩ තිබුණා.” INSEE Ecocycle සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.
නව අදහස දක්වන්න